hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2022 ජූනි 26, පෙ.ව. 7:16



හිටපු අගමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ පැවැත්වීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණයක් පැවැත්විය යුත්තේ, රටේ වත්මන් අර්බුද විසඳීමෙන් පසුව බවයි.

විපක්‍ෂයේ බොහෝ දෙනෙකු වර්තමානයේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ කතා කළ ද වත්මන් කාලපරිච්ඡේදය ඒ සඳහා සුදුසු නොවන බව තම මතය යැයි හිටපු අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.

ජනතාව ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක සිටින නිසා ඔවුන්ට මැතිවරණ පිළිබඳ මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි බව ද වත්මන් පාලකයන් රටේ ප්‍රශ්න කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

මෙම අර්බුදවලට තනි තනිව නොව පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනා එකතුවී විසඳුම් සෙවිය යුතු බව ද රටේ අර්බුද විසඳීම වෙනුවෙන් සහාය දීමට පක්‍ෂ, පාට, භේද ඉවත ලා පාලක පක්‍ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: