hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 10, පෙ.ව. 8:26



හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තාවනවා.

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ඊයේ (09) පස්වරුවේ සිට පැවති මහජන විරෝධතා අද(10) අළුයම දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණා.

විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳදමා ඊට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා. 

තත්ත්වය පාලනය කිරීමට යුධ, ගුවන් සහ නාවික හමුදා භට කණ්ඩායම් ද කැඳවා තිබූ අතර විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදුකළා.

අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03 ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.