hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 23, ප.ව. 2:50



ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ අද (23) අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල අයවැය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බවයි.

“රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යූහගත කිරීම ගැන මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනද තියෙනවා. එනිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට ගෙන ඒමට අව්‍යශ පියවර ගැනීම තමයි අප මුලින්ම කළ යුත්තේ. එනිසා මොන ආර්ථික අභියෝගයක් යටතේ වුවත් මෙරටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරනු කැමැත්තෙමි.” යනුවෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.