hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 09, පෙ.ව. 9:32



නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වත්මන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී විපක්ෂයට ආරාධනා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ට පැවසූ බව අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවා.

කැබිනට්ටුව ඉල්ලා අස්වුවහොත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජාතික එකමුතු ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බව කියමින් ඔහු මේ ප්‍රකාශය කළේ යැයි අමාත්‍ය ගොඩහේවා අවධාරණය කළා.

අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් සමස්ත කැබිනට්ටුවම විසිරී ගියාසේ සැලකෙන බැවින් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම සඳහා හොඳ ම විසඳුම අගමැතිවරයා ඉල්ලා අස්වීම බවට එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඉකුත්දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුවුණේ ආණ්ඩුව වෙනස් කිරීමට සරලම සහ පහසුම ක්‍රමවේදය අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම පිළිබද පමණක් සාකච්ඡා වූ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව, අද (9) හෝ ඉදිරි දිනයකදී අගමැතිවරයා විසින් ම මේ ගැන දැනුම් දීමට නියමිත යැයි ද අමාත්‍ය ගොඩහේවා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව රජය පවසනවා.