hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 7:55



හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබෙනවා.

ඒ දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීම සඳහායි.

මෙහිදී ශෝක සටහන අදාළ ග්‍රන්ථයේ සටහන් කිරීමෙන් අනතුරුව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය මහ රැජිණ 2015 වර්ෂයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය බකිංහැම් මාලිගාවට කැඳවා තෑගි ලබා දීම සහ සංග්‍රහ කිරීම පිළිබඳව මතකය ආවර්ජනය කර තිබෙනවා.

මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවන මේ මොහොතේ එම ශෝකය බෙදා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම ගෞරවයක් බවත් එලිසබෙත් මහ රැජිණ සමඟ තිබූ සම්බන්ධතාවය පිළිබඳ මතකයන් බෙදා ගැනීම සම්බන්ධවද ස්තූතිය පළ කරන බවත්ය.