hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 25, ප.ව. 6:52



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සහ මෙරට සිටින ඇමෙරිකානු තානාපති ජුලි වෑන්ග් මහත්මිය අතර විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කොළඹ හතේ පිහිටි තරු අවන්හලක් තුළ මෙම රහසිගත සාකච්ඡාව සිදුව ඇති අතර දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙනවා.

පැයකට වැඩි කාලයක් එම සාකච්ඡා පැවති අතර ඉන් පළමුව පිටත්ව ගොස් ඇත්තේ ඇමරිකානු තානාපතිනියි.

සජින් වාස් ගුණවර්ධන මහතා ඊට මිනිත්තු 10කට පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් සිටින අතරවාරයේ සිදුවූ මෙම රහසිගත හමුව ගැන විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.