hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 10:58



පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත්  අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට අද (19) මහනුවරට පැමිණි අවස්ථාවේ සිරිසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ, අලුතින් ගෙන ඒමට නියමිත පනතේ හොඳ නරක පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් කර ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව සංශෝධන අවශ්‍ය වන්නේ නම් ඒවා කර ගැනීමේ අවස්ථාව පවතින බවත්ය.

අදාළ පනත සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කිරීම සඳහා එය පක්ෂයේ නීතී විශේෂඥයින්ට භාර දී තිබෙන බව ත් ඔවුන් ඒ පිළිබඳව ලබා දෙන නිර්දේශ පක්ෂය තුළ සාකච්ඡාවට බඳුන් කර පනත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ත් හෙතෙම අවධාරණය කළේ ය.                              

“මැතිවරණ කතා දැන් හුළඟෙ ගිහිල්ලා තියෙන්නෙ. ජනාධිපතිතුමායි, මැතිවරණ කොමිසමයි තමයි තීන්දු කරන්නේ මැතිවරණ කවදා තියෙනව ද කියලා. ඕනෑ ම මැතිවරණයට අපි සූදානම්. එතෙක් මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අවශ්‍ය කටයුතු කර ගෙන යනවා. අත ලකුණෙන් තමයි අපි විශිෂ්ඨ ජයග්‍රහණ අරගෙන තියෙන්නෙ. අත ලකුණ බොහො ම පින් වන්ත ලකුණක්. ඒකයි අපි අත ලකුණෙන් තරග කරන්න තීරණය කළේ. රජයේ දෑත ශක්තිමත් කරන්න විපක්ෂයේ දේශපාලනඥයෝ යනවා කියලා කියනවා. ඔව්වා ඉතින් දේශපාලනඥයින්ගේ දේශපාලන කතා. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපිට තියෙන්නේ රජයේ අත් ශක්තිමත් කිරීම නෙවෙයි රට හා ජනතාව ශක්තිමත් කිරීමේ වගකීම ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.”

පාස්කු නඩුවේදී නියෝග කළ දඩ මුදල ගෙවීම සඳහා සූදානම් දැයි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ සිරිසේන මහතා මෙසේ පැවසුවා.

“ඒක ඉතින් ඉදිරියට බලමු අධිකරණය දෙන නියෝග අපි පිළිගන්න ඕනේ. අපි අධිකරණයට ගරු කරන්න ඕනේ. හැබැයි මේ තීන්දු සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කරන්න කාදිනල් තුමා අග්‍රවිනිශ්චකාර තුමා නෙවෙයිනේ. ඊට අදාළ දේවල් තීන්දු කරන්නේ අධිකරණය නේ.”