hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 04, ප.ව. 3:39



රුසියා ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාට යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එලෙස ලැබුණු පිළිතුරු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලිපියේ කරුණු 3ක් ගැන රුසියාවේ ජනාධිපතිවරයා සඳහන් කර තිබූ බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් දේ කළා නම් නැවත ගුවන් ගමන් මෙන්ම වෙළෙඳ කටයුතු ඇරැඹීමට හැකියාව ලැබෙන බවද කියා සිටියා.

එම ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද ඔහු සඳහන් කළා.

එම කරුණු පිළිබඳව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. එහි පළමු කාරණය ලෙස සඳහන් කර ඇත්තේ එරොෆ්ලොට් ගුවන් සමාගම සහ අයර්ලන්ත සමාගම අතර ඇතිවූ ප්‍රශ්නයට ලංකා රජය අධිකරණය ගිය කාරණය වැරදි බවයි.

එය විසඳා ගත යුතුව තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

දෙවැනි කාරණය ලෙස දක්වා ඇත්තේ මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට පැහැදිලි සහතියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවත්ය.

තුන්වැනි කාරණය වූයේ පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම් එකඟතාවයෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බවයි.

ඊට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ තෙල් ගෙනෙන්නට පමණක් නොව හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා තමා රුසියාවේ සංචාරය කරන බවයි.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: