hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 09, පෙ.ව. 9:36



තමන්ට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිම පෞද්ගලික ගැටළුවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියා,

“බණ්ඩාරනායක මැතිතුමා උපන්න දවසේ තමයි මම ජනාධිපති වුණේ. ජනවාරි 08. මගේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද ඇතිවුණේ බණ්ඩාරනායක දර්ශනය ක්‍රියාත්මක කරන්න ගිහින්. එහෙම නැතුව වර්තමාන ජනාධිපතිතුමා සහ මං අතර කිසිම පෞද්ගලික ගැටුමක් නැහැ. අද තිබෙන ප්‍රශ්නය බණ්ඩාරනායක දර්ශනය මොකක්ද කියලා වර්තමාන අලුත් පරපුර නොදැනීම. අරගලයේ සිටි පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉල්ලා සිටියේ බණ්ඩරනායක දර්ශනය අනුව රට පාලනය කළ යුතුයි කියලයි.”