hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 31, පෙ.ව. 11:26



තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමාට ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඒ අනුව පක්ෂයේ සහ ජනතාවගේ ඉල්ලීම මත තමාට ඉදිරිපත් වීමට හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා වට්ටන්නට බැරි බවත් වැටෙන මිනිහෙකු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.