hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 01, ප.ව. 4:15



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) යාපනය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ සංචාරයක නිරත වුණා.

එහිදී රෝහලට පැමිණ සිටි රෝගීන් සමඟ සුහද කතාබහක නිරත වීමටද සිරිසේන මැතිතුමා කටයුතු කළා.

රෝහලේ ඇති අඩුපාඩු සහ ගැටලු පිළිබඳවද එහිදී ජනතාව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළා.

හිටපු ජනාධිපතිතුමා රෝහලේ කෞතුකාගාරය වෙත ගොස් එහි තොරතුරු සොයා බැලුවා.

එම අවස්ථාවට ශ්‍රීලනිප භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා, ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.