hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 18, පෙ.ව. 5:14



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සම්බන්ධතාවයක් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වරින් වර වෙන වෙනම මැති ඇමතිවරු හා නිලධාරීන් කැඳවමින් සාකච්ඡා කරන ආකාරයෙන්ම දෙදෙනා අතර සම්බන්ධතාවයක් නැති බවත් පැහැදිලි වන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගෙන නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ බවත්, නිර්පාක්ෂික ආණ්ඩුවකින් ගැටලු විසඳෙන්නේ නැති නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ජාත්‍යන්තර සහයෝගය ගෙන රට ගොඩගැනීමට ක්‍රියා කරන්නැයි තමන් අගමැතිවරයාට දැනුම් දුන් බවත් ඒ මහතා සඳහන් කළා.

ඇතැම් තීන්දු තීරණ ගන්නා සාකච්ජා ද අග්‍රාමත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙන වෙනම කැඳවා තිබූ බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව නැවතත් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර එකඟතාවයකින් වැඩ කටයුතු සිදු කෙරෙනවද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි විපක්ෂයේ දේශපාලඥයෙකු සඳහන් කළේ.

කෙසේවෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාට කවුරුන් හෝ වැරදි තොරතුරක් ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉතා හොදින් කතා බහ කරමින් වැඩකටයුතු වල නිරත වන බවට ද අමාත්‍යවරයා සහතිකයක්ද ලබා දුන්නා.

හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමින් නිමල් සිරිපාල අමාත්‍යවරයා අග්‍රාමත්‍යවරයා සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සම්බන්ධයෙන් විශ්වසනීය තත්වයක් තිබෙන ආකාරයට මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.