hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 23, පෙ.ව. 3:26



රෝයල් පාර්ක් තරුණයාගේ පවුලේ අය සමඟ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමාව හමුවීමට පැමිණි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එහිදී ලොකු ලියුම් මිටියක්ද ගෙනවිත් තිබූ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

“පුතා හිරේ ඉන්නවා. කිසිම වැරැද්දක් කරලා නෑ. දැන් පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා දැන් පාඩම් කරනවා. ඒ නිසා මෙයාම නිදහස් කරන්න” යැයි පවුලේ ඥාතීන් තමන්ට පැවසූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළා.

පසුව වරින් වර රෝයල් පාර්ක් තරුණයාගේ පවුලේ අය සමඟ පූජ්‍ය රතන හිමියන් තමාව හමුවීමට නොදන්වාම පැමිණි බවද ඒ මහතා සඳහන් කළා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය එම තරුණයා නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එනිසා එම තරුණයා නිදහස් කළාට කමක් නැති බවට රතන හිමියන් තමන්ට ප්‍රකාශ කළ බවත් පසුව තමන් ඊට අත්සන් කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

එම තරුණයා නිදහස් කිරීමට තමන් කෝටි ගණනක් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල කළ බවත් එනිසා ඒ පිලිබඳ සොයා බැලීමට තමන් බුද්ධි අංශයට බාර දුන් බවත් පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඉන් පසු හෙළිදරව් වූ කරුණු ගැනද කියා සිටියා.

එම තරුණයාගේ පවුලේ අයගෙන් යම් කිසි මුදලක් කාට හෝ ලබා දී ඇති බවට බුද්ධි අංශය තමාට දැන්වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම තරුණයා නිදහස් කිරීමට බොහෝ සේ උනන්දු වී ඇත්තේ එම මුදල් ගත් අයට බවට සැකයක් පවතින බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

“එතන වැරැද්දක් සිදුවෙලා තියෙන බව මටත් පේනවා. මටත් පිළිගන්න සිද්ධ වෙනවා. මටත් වරද්ද ගත්ත තැනක් ඒක කියලා හිටං” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: