hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, පෙ.ව. 5:21



රට පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන්‌ ගොඩ ඒම සඳහා ගනු ලබන ඕනෑම යහපත්‌ පියවරකට සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දක්වමින්‌ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, එහිදී ජනාධිපතිවරයා කළු ද? සුදු ද? යන්න ගැටලුවක්‌ නොවන බවයි.

මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය කවුරුන් හෝ විසඳනවා නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය එම පාර්ශ්වයට  සහයෝගය දක්වන බවද ඒ මහතා කියා සිටියා.

එමෙන්ම වත්මන් රජයේ කිසිදු තනතුරක් ලබා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

“අපි යම්කිසි කාලසීමාවක් නිදහසේ වැඩ කිරීමට දෙන්න ඕනේ අවශ්‍ය සහන ලබා ගන්න ජාතික වශයෙන් හා අන්තර්ජාතික වශයෙන්. ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සහ ජාත්‍යන්තර ආර්ථික බලවතුන් උදව් කරන්නේ අපේ දේශපාලන ස්ථාවරත්වය බලලා. අපි කඩා වැටෙන ආණ්ඩුවක් නම් අපිට සල්ලි දෙන්නේ නැහැ. මම මේ හිටපු අවුරුදු 30 ගණන තුළ මේ විදියේ අවුල් වෙච්ච පාර්ලිමේන්තුවක් දැකලා නෑ. ඒ මොකද මේ 225 දැන් කණ්ඩායම් 10ක් 12ක් වෙලා. පොහොට්ටුව ගත්තම 5කට 6කට කැඩිලා. සජබෙත් විශාල අවුල් ගණනාවක් තියෙන බව පේනවා. අපෙත් දන්නෙම නැතුව සමහර අය කියලා ගියා. යනවා කියලා එපා කියද්දී. සමහර යට වැන්දේ නැති ටික විතරයි යන්න එපා මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉමු කියලා. හොඳ අනාගතයක් තියෙනවා මේ පක්ෂය ගොඩනගපුවහම කියලා. ඒවා අහන්නේ නැතිව අපෙත් 14න් 5ක් ගියා.”