hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 පෙබරවාරි 24, ප.ව. 8:07



පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ ආකාරයට අනෙක් රටවලටත් යවලා ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා නම්, අනෙක් රටවල් සමගත් එක්ව පාඩුලබන ආයතන විධිමත් කර නව රැකියා අවස්ථා බිහි කිරීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේබව සඳහන් කර සිටියේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ්‍ය විසින් ඊට අනුබද්ධිත ආයතනවල සේවාවන් ගමට ගෙනයාමට ආරම්භ කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ඊයේ (23) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.

මෙහිදී මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සේවකයිනගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ගරුසරු වැඩසටහනද ක්‍රියාත්මක විය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“මේසන් බාස්වරුන්, වඩු බාස්වරුන්, ජල නල කාර්මිකයින් ඇතුලු පිරිසට මීට පෙර ලබාගත් දැණුම පෙන්වා අද මෙම ස්ථානයට පැමිණ තිබෙන නයිටා ආයතනයෙන් සහ වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි වෙලා සහතික ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ අදාල නිලධාරියාව තමන්ට වෘත්තීය පුහුණුව අවශ්‍යයි කියලා හෝ නැත්තම් තමන්ට පුහුණුව තියෙනවා ඒ නිසා මට ඊට අදාල සහතික දෙන්න කියල දැනුවත් කරන්න. එවිට ඊට අදාල මුදල අපි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විදිහට ගෙවන්න සුදානම්. මේ රටේ වෘත්තියන් වල නිතරවෙලා ඉන්න ඒත් සහතික නැති සියලුදෙනාටම රජයේ අරමුදල් වලින් සහතික ලබාදීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා. ‍අදත් මෙතනට රට යන්න අපෙක්ෂාවෙන් විශාල පිරිසක් ඇවිත් ඉන්නවා.

මෙතන විදේශ රැකියා නියෝජිත ආයතන විශාල සංඛ්‍යාවකුත් තියෙනවා. එ්ත් මේ අයාතන ඉල්ලන්නේ සුදුසුකම්. මේ ආයතන රැකියා රැසක් අරගෙන ඇවිත් තියෙනවා. නුමත් අපි සහතික නොමැති වීම නිසා ගැටලුවට මුහුණදෙනවා. ඒත් මේ සහතික ගන්න වියදම ජනාධිපතිවරයා දරනවා. ඒකත් ඔබට ලැබෙන තෑග්ගක්. කම්කරු දෙපාර්තමේන්තුව යටතට ඔබව ඇතුලත් වෙන්නේ නැහැ. ඒත් අනිත වෘත්තිකයින්ට විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපක් තියෙනවා. පුද්ගලික අංශයේ අයට සේවක ආර්ථ සාධක අරමුදල් තියෙනවා. ඒ වගේම ඔවුන්ට ආපදා රක්ෂණ තියෙනවා. පුද්ගලික අංශයේ අයටත් අනතුරක් වුනොත් ඒකට වන්දි ගෙවන ක්‍රමයක් තියෙනවා. ඒත් ඔබට එවැනි ක්‍රමවේදයක් නැහැ. ඔබට අනතුරක් වුනෝත් ඔබේ පවුල රැකබලා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒක තමයි ඇත්ත.

ඒ නිසයි ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නේ ඔබ සියලුදෙනා ඇතුලත් වන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. අපි ඉතාම සුළු කාලයකදී රාජ්‍ය සේවකයින් හැර මේ රටේ ඉන්න සියලුමදෙන ඇතුලත් වන සමාජ ආරක්ෂණ ක්‍රමයක් කැබිනට් මණ්ඩලයකට ඉදිරිපත් කරනවා. එහිදී මෙතෙක් ක්‍රියාත්මක වුන විවිධ රක්ෂණ ක්‍රමවේදයන් සියල්ලම එකතු කරලා පොදු ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න කටයුතු කරනවා. එතකොට ඔබටත් වැඩකරන්න වාරු නැති වෙනකොට විශ්‍රම වැටුපක් හෝ පාරිතෝෂිතයක් ලබාගන්න හැකියාවක් ලැබෙනවා.මෙහිදී ගරුත්වය හදන්න අපි කටයුතු කරන්නේ අදාල ක්ෂේත්‍රයට අදාල වෘත්තිය මණ්ඩලයන් සකස් කිරීමෙන්. උදාහරණයක් විදිහට පෙරපාසල් ගුරුවරියන්ට වෘත්තීය මණ්ඩල සකස් වෙනවා. මේ මණ්ඩල තමයි අදාල ක්ෂේත්‍රෙය් රැකියාවන් කරන්න අවශ්‍ය සුදුසුකම් තීරණය කරන්රනේ. ඒ නිසා ඉදිරියේදී ලයිසන් එකක් තිබ්බා කියලා බස් එකක් පදින්නවත් ගෙදර ත්‍රිරෝද රථයක් තිබුන පලියට පාරේ හයර් දුවන්නවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකයි මේ ක්‍රමවේදය මගින් අත්වන තවත් ප්‍රතිලාභයක් වෙනනේ.අපි කම්කරු පනත වෙනුවට නව රැකී රක්ෂා පනත කියල පනතක් හදුන්වා දෙනවා. දැනට තියෙන පනත ගොඩක් පරණ පනතක්. මේ නව පනත වැඩ ලෝකයට ගැලෙපෙන විදිහටයි සකස් වෙන්නේ.

මේ පනතේ අලුත් පරිච්ඡේදයක් තුල මේ කතා කරන මණ්ඩල, ඒවාගේම ඒ වගේම ඒවායේ බලතල ගැනත් සඳහන් වෙනවා. එහිදී අමාත්‍යවරයාට කලින් කලට අදාල මණ්ඩලය සඳහා ප්‍රමිතීන් රෙගුලාසි විදිහට නිකුත් කරන්න බලය ලැබෙනවා. මෙතනින් පසුව ඔබට එන ප්‍රශ්න වලට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවස්ථාව හිමිවෙනවා. මෙතනින් පසුව ඔබටත් වෘත්තීය අයිතිවාසිකම් වලට හිමිකම ලැබෙනවා. එහිදී ඔබව දෛනිකව හෝ මාසිකව වැටුප් ලැබුවත් විද්‍යුත් වැටුප් ක්‍රමවේදයකට ඇතුලත් කරගන්න අපි කටයුතු කරනවා. එවිටයි ඔබ සුරක්ෂිත වෙන්නේ. දැන් පනත නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙයි තිබෙන්නේ. නුදුරේදීම පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරනවා. අපි පනතට ඔබේ අදහසුත් එකතු කරලයි සකස් කරන්නේ. එවිටයි ඔබට නිසි ප්‍රතිලාභ ලැබෙන්නේ. අපි අද ඔබ ගාවට ඇවිත් තියෙන්නේ වැඩෙන් සියයට 90ක් අවසන් කරලයි. ඒ නිසා අපි මුහුද හත්ගව්වක් තියාගෙන නෙමෙයි කතා කරන්නේ.

ඒ වගේම මීට වසර දෙකකට කලින් රට තිබුණ විදිහට අපි හැමෝටම මතකයි. ඒ වෙලාවේ කවුරුවත් මේ අභියෝගය භාරගන්න අකමැති වුන වෙලාවේ නොබියව මේ රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයයි. ඒ වෙලාවේ උරචක්‍ර මාලය දාගන්න නොබියව ඉදිරිපත් වුන නිසයි අද රටේ මේ වගේ ස්ථාවර තැනකට පැමිණ තිබෙන්නේ. ජයගමු ශ්‍රි ලංකා වැඩසටහනේ ස්මාට් වැඩ්ඩෝ ටික ඔබයි. ඔබව ස්මාට් වැඩ්ඩන් කරන්නයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපිට 2048 වෙනකම් බලන් ඉන්න බැහැ. ඒකට අපි දැන් ඉදන්ම කටයුතු කරනවා. එහිදී ඔබට වැඩි ආදායකමක් ලබාගැනීමට හැකි පසුබිමක් සකස් කරන්නයි අපි කටයුතු කරන්නේ. අපිට තියෙන එකම සම්පත් මානව සම්පත. අද වෙනකොට සමහරු කියනවා අපි රටේ සම්පත් විදේශයන්ට විකුණනවා කියලා.

ඒත් දැන් අපි ඉන්දියාවට දෙනවාට කවුරුවත් මොකවත් කියන්නේ නැහැ. ඉන්දියාවේ අමූල් වලට දෙනවා, ආදානිට දෙනවා මොකවත් කියන්නේ නැහැ. ඒකට හේතුව ඉන්දියාවට ගිහින් ආපසු නිසයි. ඒ වගේ අනිත් රටවල් වලටත් යවල ගෙන්ව ගන්න හැකි වුනා නම් පාඩු ලබන අයාතන විදේශ රටවල් සමඟ හවුල් ව්‍යාපාර හදාගෙන අපේ ජනතාවට තවත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. මෙච්චර කල් අපේ වරායන් ඉන්දියාව දෙන්න හදනකොට කෑගහුවට දැන් ඒවා කිසිම ප්‍රශ්නයක් නැතිව දෙන්න පුළුවන්. එයාලා ඉන්දියාවට ගිහින් අපිට ලොකු උදව්වක කළා. මේ විදිහට අයෝජන ගෙන එන්න බාදා නැති වුනොත් අපිට ජයගන්න 2048 වෙනම් ඉන්නේ නැතිව අත්පත් කරගන්න පුළුවන්.
මේ කිසිම දෙයකට ආණ්ඩුවේ මුදල් වැය කරන්නේ නැහැ. ඒ සඳහා අපි අනුග්‍රයකයින් ලබාදෙන තියෙනවා. මේ භූමියේ තියෙන විදේශ රැකියා ආයතන, බැංකු වලින් තමයි අපිට මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීම කරන්නේ. “