hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 24, ප.ව. 6:01



මේවන විට පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද තත්ත්වය පැන නැගී පවතිනවා.

ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අපහාස කළේ යැයි පවසමින් මෙම තත්ත්වය ඇති වුණා.

එහිදි විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාට චෝදානා එල්ල කරේ ජනාධිපතිවරයාට කොන්දක් නොමැති බවයි.

ජනාධිපතිවරයා කතා කර පාර්ලිමේන්තුවෙන් පැන යන බව විපක්ෂනායකවරයා පැවසුවා.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන් සිය අදහස් දැක්වූයේ උණුසුම් අයුරකිනි. 

එම අවස්ථාවේදි අමාත්‍ය මනූෂ නානායක්කාර ඉතා දැඩි ස්වර‍යෙන් විපක්ෂනායකවර‍යා වෙත ප්‍රකාශ කළේ ඔහු ඉතාම බිය ගුල්ලෙකු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා , සජිත් ප්‍රේමදාස වෙත රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ එය භාර නොගත්  බවත් ඔහු පැවසුවා.

එහිදි අදහස් දැක් වූ අමාත්‍යවරයා ,

ජනතා නියෝජිතයන් වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ට පහත් විදිහට විපක්ෂනායකවර‍යා කතා කරන බවට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම විපක්ෂනායකවර‍යාට රටේ ”බූරු පුතානෝ” ලෙස පැවසුවත් පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් එසේ ප්‍රකාශ නොකරන බවත් පැවසුවා,

” මෙතුමට කොන්ද විතරක් නෙවෙයි අනික් ඒවත් පණ නෑ. මමත් හරීනුත් හොඳටම ඒක දන්නවා. ආණ්ඩුව ගන්න කියද්දි ගත්තේ නෑ. හැමදාම ජලනි කියන දේයි , සුමන්තිරන් කියන දේයි අහගෙන හිටියා විතරයි . ආණ්ඩුව භාරග්ත්තේ නෑ.

ජනාධිපතිවරයාට කොන්ද තිබූ නිසා තමයි මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන වෙලාවක රට භාර අරන් අද වෙද්දි මේ රට මේ තත්වයට පත් කළේ “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: