hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 23, පෙ.ව. 3:05



සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජනතාව දැනුමෙන් ඈත් කරලා බොරුවෙන් අන්ද කරලා වෛරය කරා ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල වන නමුත් ඉතිහාසයේ සිට රට වැටුණු වෙලාවල්වල ජනතාවගේ බර කරට ගෙන රට ගොඩ ගැනීම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල බවට පත් කරගත් බවද අමාත්‍යවරයා කියා සිටියා.

වත්තල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සදහන් කළා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් මෙම ආසන බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කියා සිටියා.

“හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ හැම රැස්වීමකම හරිම කල එලියක් තියෙනවා. නියම එක්සත් ජාතික පාක්ෂිකත්වය ඒ රැස්වීම්වලදී බලාගන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂයේ තියෙන ආඩම්බරකම තියෙනවා. නායකතුමා මැයි දිනයක් සංවිධානය කළත්, ලොකු රැස්වීමක් සංවිධානය කළත් ඒ සියල්ලම භාරදෙන්නේ හරින්ට. ඒ වගේ දැවැන්ත සංවිධාන ශක්තියක් තියෙන පුද්ගලයෙක්. දේශපාලනයේ හැරවුම් ලක්ෂ ගණනාවක් ඔහු අරගෙන තියෙනවා. විශේෂයෙන්ම 2015දී එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න, හැරවුම් ලක්ෂය වුනේ හරින්. දින 52 වෙලාවේ අපි හැමෝටම ශක්තියක් වුනේ හරින්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන්ගේ මන්ත්‍රීධූරය අතහැරලා බදුල්ලට ගියා.

සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩ්ඩෙක් කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. දුන්නොත් කරයි කියලා හැමෝම හිතාගෙන හිටියා. ඒත් හරින් කියන්නේ වැඩ්ඩෙක් නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්වන්නට හරින්ටයි මටයි පුලුවන්කම ලැබුණා. වැඩබැරි දාස කෙනෙක් කියලා රටට පෙන්නලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න අපිට පුලුවන් වුනා. දැන් අයිමත් මට රට දෙන්න කියලා කියලා කියන්න ඔහුට අයිතියක් නෑ. ප්‍රේමදාස නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්නුවා. සජිත් ප්‍රේමදාස පෙරේදා වෙනකම් අපේ නායකයා. පෙරේදා අපි පක්ෂයෙන් අයින් කළා. ඒ පක්ෂයේ හිටපු ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා. හෙට අනිද්දට ඔය මන්ත්‍රීවරු ටිකත් අපිත් එක්ක එකතු වෙනවා.

දැන් උදේ පාන්දර පාර්ලිමේන්තුව ඇවිත් න්‍යායපත්‍රයෙන් පිට ගිහින් මොනවා හරි අදෝනාවක් කරනවා. මේ සිල්ලර දේශපාලනය, වොයිස් කට් දේශපාලනය කරන්න එපා කියලා කිව්වා. ඒ කතාව කියලා ඉවර වුනා විතරයි, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ඇවිත් මට කතාවක් කිව්වා. අපේ ගෙවල්වල අම්මලා තාත්තලා දරුවන්ට කන්න ඉතිරි කරලා තමයි කන්නේ කියලා කිව්වා. ඒත් විපක්ෂ නායකතුමා ආපු වෙලාවේ ඉදලා වෙලාව කාලා, කාලා ඉතිරි වුනොත් තමයි අනික් මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙලාවක් දෙන්නේ කියලා කිව්වා. ඒ වගේ වැඩ කරන විපක්ෂ නායකතුමාට හැමදාමත් විපක්ෂ නායක පුටුවේ ඉන්න අපිට දෙන්න පුලුවන් උපරිම සහාය අපි ලබාදෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: