hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 25, ප.ව. 12:57



මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්නයක් ඇසීමට යන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ අවස්ථාවේදී රාසමානික්කම් මහතා තමාට ප්‍රශ්නෙදි පත්කිරීමද විනාඩි දෙකක කාලයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය කථානායක වරයාගෙන් ඉල්ලා සිටියේ ඉතාමත් ආවේගශීලී ලෙසයි.

එහිදී නියෝජ්‍ය කතානායකවරයා සභාව සිදුකරගෙන යන ආකාරය පිළිබඳව ඔහුට පැහැදිලි කිරීමක් සිදු කළා.

“ඔබතුමා හයියෙන් කෑ ගහුවට මං බය වෙන්නෙ නෑ.”යනුවෙන් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළා.

ඉන්පසුව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළ කරුණුත් සමඟ නැවත මනුෂ නානායක්කාර සහ රාසමානික්කම් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

තමන් අන් සියලු දෙනා ගැන පොදුවේ කතා කරන විට රාසමානික්කම් මහතා බාධා කිරීමේදී මනුෂ නානායක්කාර මහතා “මචං උඹට නෙමෙයි කියන්නේ. කට වහගනින්. පිස්සෙක් වගේ කතා කරන්න බැහැ මේක පාර්ලිමේන්තුව.”යනුවෙන් සඳහන් කළා.

නැවත නැවතත් මනුෂ නානායක්කාර මහතාගේ කතාවට රාසමානික්කම් මහතා බාධා කිරීමත් සමඟ “අන්න කොටියා එළියට පැන්නා. ඕක තමයි හැටි. අපි කවුරුත් එහෙම විශේෂ කරලා දෙමළ, මුස්ලිම් ද කියලා බලන්නේ නැහැ. හැබැයි දැන් කියන්නේ නැගෙනහිර ගැන කතා කරපු නිසා කියලා. මේක තමයි දේශපාලනයට පාවිච්චි කරන හැටි. මේ තමයි ජාතිවාදය පාවිච්චි කරන හැටි. මේ තමයි ජාතිවාදියා. උන් තමයි උතුරේ ප්‍රශ්න හැදුවේ. අදටත් මේ ප්‍රශ්නය මිනිස්සුන්ට විසඳගන්න දෙන්නෙ නැතුව මේ වවාගෙන කන්න මේ අය.” යනුවෙන් කියා සිටියා.