hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 5:32



ජනතාව අද තවදුරටත් කැරලි ගහන්න පුළුවන් මට්ටමක් නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයකින් සියලු දෙනාම එලවන්න ලැබෙන අවස්ථාව එළැඹ ඇති බව ඔහු සඳහන්කරනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහයි රට බංකොලොත් කර මේ ආණ්ඩුවයි ඡන්දය කල් දාගන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගැහුවා. දැන් අවසාන මොහොතේ පනතක් ගෙනල්ලා ඡන්දය කළ දාන්න හදලා ඒකත් බැරිවෙච්ච තැන මැතිවරණ කොමිසම ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක වෙලා නාමයෝජනා භාර ගෙන අවසානයි. ඒ වගේම මාර්තු 9 වැනි දාට ඡන්දය කැඳවල තියෙනවා. හැබැයි 09 වෙනිදා කියන්නේ ලංකාවට ඓතිහාසික දවසක් හේතුව ගිය අවුරුද්දේ අප්‍රේල් 09න් පටන් අරගෙන මැයි 09, ජුනි 09, ජූලි 09 පියවරෙන් පියවර ඇවිත් ඡන්දයත් ඇවිත් තියෙන්නේත් මාර්තු 09 වෙනිදට. ගිය අවුරුද්දේ 09 වෙනිදා වල ජනාධිපති යැව්වේ, ආණ්ඩුව පෙරළුවේ, කපුටා එලේව්වේ කැරළි ගහලා. ඒ නිසා ජනතාව අද තවදුරටත් කැරලි ගහන්න පුළුවන් මට්ටමක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයක් සියලු දෙනාම එලවන්න ලැබෙන අවස්ථාව තමයි 09 වෙනිදා එළඹෙන්නේ”