hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 19, ප.ව. 3:57



ලෝක කම්කරු දිනය යෙදෙන මැයි පලමු වැනිදා ප්‍රධාන දේශපාලන පක්ෂ ඔවුන්ගේ මැයි රැලිවල බලය පෙන්වීම සදහා ජනතාව එකතුකර ගැනීමට මෙන්ම පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි බිලි බා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව විපක්ශයේ මැයි රැලි සදහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එකතුකර ගැනීමටත් ආණ්ඩුවේ මැයි රැලි සදහා විපක්ශයේ මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමටත් මෙම මෙහෙයුම් ක්‍රියත්මකයි.

කෙසේ වෙතත් මෙම රැලි සදහා එකතුවන පුද්ගලයන් පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තා නොවන අතර විවිධ දේශපාලන පක්ෂවල සිටින ප්‍රබල දේශපාලන චරිත මේ වන විට ඊට අදාළ සාකච්ඡා රහසිගත තැන්වල පවත්වන බවට තොරතුරු වාර්තා වෙනවා.