hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 8:30



උමන්දාවේ සිටින්නේ දුස්සිලයෝ බවත් ඇතුල් වීමේදී පවා මුදල් අය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා සඳහන් කළා.

අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ සමන්තභද්‍ර හිමියන්ගේ චීවර තමන් විසින් බේරා දුන් බවත් කියා සිටියා.

මෙරට අයිතිය ගැන කතා කිරීමට සිංහලයින්ට හැර වෙනත් කිසිදු අයෙකුට නොහැකි බවත් සඳහන් කළා.

“ කැඳ බිව්වම නිදිමත වැඩියි.. රම්පේ පිළිකා.. ඉඳගෙන වැසිකිළියාම ගොඩේ වැඩක්.. කඩල මුංඇට ගොඩේ.. පොල් රො‌ටි ගොඩේ.. මැටි මුට්ටිය අපිරිසිදුයි.. මේවද අපේ සිංහලකමට කරන්න ඕනේ.. අමතක කරන්න එපා උඹලා මේ රටේ අයිතිකාර සිංහලයෝ.. අපේ සිංහලකමයි මෛත්‍රීකමයි නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය නිසා තමයි අපි සියලු ජාතීන් සමග අත්වැල් බැඳගෙන එකට ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ.. කිසිම ජාතියක් අපි අහක දාන්නේ නැහැ.. අපි කිසිම ආගමක් අහක දාන්නේ නැහැ.. අපි කිසිම කුලයක් අහක දාන්නේ නැහැ..

මේ රට අපේ.. දෙමල්ලුන්ගේ නෙමෙයි මේ රට.. චෝල මාඝලා එළාරලත් එක්ක ආක්‍රමණිකයොත් එක්ක ආපු ඈයෝ උන් ඇවිල්ලා, උන් මරලා උන් එළෙව්වාම හැංගිලා හිටපු එවුන් තමයි මේ ඉන්නේ.. උන්ට මෙහේ අයිතියක් නැහැ.. මේක දේශපාලනඥයින් කියන්නේ නැහැ.. බයයි.. උන්ගේ ඡන්ද ගන්න.. නමුත් අපි බෞද්ධ ධර්මය විශ්වාස කරන උදවිය හැටියට, සිංහලයා ආගන්තුක සත්කාර දන්න උදවිය හැටියට, මම කියනවා උඹලා කැමති නම් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉඳපල්ලා.. අපිට උතුර ද නැගෙනහිර ද දකුණ ද බටහිර ද ඌව ද සබරගමුව ද මධ්‍යම ද එහෙම කියලා එකක් නෑ.. අපේ රටේ ජීවත්වෙන හැමෝටම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හැම ඒකාටම පුළුවන් ඕන තැනක පන්සලක්, පල්ලියක්, කෝවිලයක් හදන්න..අපි උන්ගෙන් අවසර ගන්න ඕනද පන්සලක් හදන්න.. තියෙන හැම කෝවිලක්ම ඔතන‌ බෞද්ධ පන්සලක්..

අපේ රජවරුන් ගෙනාවා ඉන්දියාවෙන් ගෑණු.. ඒ ගෑණුත් එක්ක ආවා උන්ගේ පිරිවර.. නෑදෑයෝ.. උන්ගේ ගෑණුන්ට ආගම අදහන්න ඕන නිසා බිසවුන් වහන්සේලාට.. උන් හදාගත්තා කෝවිල්.. අපි විරුද්ධ නෑ.. අපි ඒකට පක්ෂයි.. අපේ අයත් යනවා කෝවිල්වලට.. කෝවිල් කඩන්න බෑ.. කඩන්න එපා.. කෝවිලට ගෞරව කරන්න.. පල්ලියට ගෞරව කරන්න.. පන්සලට ගෞරව කරන්න.. මුස්ලිම් දේවස්ථානවලට ගරු කරන්න… මුස්ලිම්වරු කියන්නේ අපේ නෑදෑයෝ.. අපේ මී ආච්චිලාගේ ළමයි.. උන්ට පුළුවන් මේ රට ගැන කතා කරන්න.. දැන් වතුකරයේ ජනතාව තේ වත්තට සාත්තු කරන්න ආවේ.. ඒ මිනිස්සු නිසා තමයි අද අපේ විදේශ විනිමය ආරක්ෂා වෙන්නේ.. ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා අපි කෑල්ලක් දීපල්ලා.. අපිට ඉඩමක් දීපල්ලා කියන්න.. ඒකට මම විරුද්ධ නැහැ.. නමුත් රට බෙදන්න බෑ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: