hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 3:04



ධම්මික පෙරේරා මහතාට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් රුපියල් බිලියනයක මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

යූටියුබ් නාළිකාව සාකච්ජාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එය මන්ත්‍රීධුරය මුදලට විකිණීමක් බව පවසන මර්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඩීල් සම්බන්ධ ගත් කතුවරයෙකු බවයි.

තමා අදත් මහින්ද රාජපක්ෂ මහතාට තමා ගරු කරන බවත් එතුමා රටට වඩා පවුල රැකීම සිදු කළ බවත් ඔහු සඳහන් කළා.

මර්වින් සිල්වා මහතා හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරා දැමීමේ සිදුවීම පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: