hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 2:54



ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්‍ෂ හතළිස්එකක හිඟ විදුලි බිල්පත සමගි ජනබලවේගයේ සාමාජිකයන් හා දානපතියන්ගේ සහායෙන් ගෙවා දමා තිබෙනවා.

හිඟ විදුලිබිල මත පෙරේදා (03දා) මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය කපාදමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මිහින්තලේ රජමහා විහාරාධිපතින් වහන්සේ මුණගැසී ලබාදුන් පොරොන්දුව දින දෙකක් ඇතුළත ඉටුකළ බවයි.

විපක්‍ෂ නායක ලෙස තමන් උන්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ පසු ආණ්ඩුව එම රජමහා විහාරයේ විදුලිය කපා දැමූ බවයි.

මෙම හිඟ බිල්පත පමණක් නොව ඉදිරි පෙරහැරවලට වැයවන විදුලිබිල ද ගෙවා දැමීමට සමගි ජනබලවේගය සූදානම් බව ද එහි දැක්වෙනවා.

රටක ශිෂ්ටාචාරයක් පෝෂණය කළ ඓතිහාසික කේන්ද්‍රස්ථානයකින් සිදුවන ආගමික, සංස්කෘතික සහ සමාජයීය මෙහෙවර අපමණ බවත් එවැනි ස්ථානවලට සහයෝගය ලබාදීම වගකීම බවත් විපක්‍ෂ නායකවරයා කියා සිටිනවා.

එවැනි ස්ථානවල විදුලිය කැපීම බියගුළු හා අත්තනෝමතික කටයුත්තක් බවත්, බෞද්ධාගමික සහ අනෙකුත් ආගමික ස්ථානවලට ආණ්ඩුව කෙනෙහිලිකම් කරන බවත් විපක්‍ෂ නායකවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.