hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 26, පෙ.ව. 6:54



ජනපතිගෙන් ආණ්ඩු පක්ෂයේ හිටපු ඇමතිවරුන් කළ ඉල්ලීමක් නිසා යළි අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා හමුවී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මෙම පිරිස පසුගිය බදාදා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඔවුන්ට එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි ඉල්ලීමක් කර ඇත්තේ.

තමන්ට ගමට පවා යාමට හැකියාවක් නොමැති බවයි එහිදී කිහිපදෙනකු පෙන්වා දී තිබෙන්නේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතුවලට සහාය සහය දක්වන ලෙස දැනුම් දී ඇති බවයි.

එසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කර නැති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කැබිනට් හෝ රාජ්‍ය ඇමතිධුර හිමි නොවීම සම්බන්ධයෙන්, හිටපු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක්ම කලකිරීමට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: