hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 03, ප.ව. 12:11



මේවන විට කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබුණද රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම පිළිබඳ තවමත් එකඟතාවයකට පැමිණීමට නොහැකි තත්වයක් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 30ක් හෝ 40ක් දිවුරුම් දීමට නියමිතයි.

එම රාජ්‍ය අමාත්‍යවරුන් අතරට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 6ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් ඇතුළත් වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසූවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවයි.