hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 03, පෙ.ව. 1:15



මේවන විට ජනතාව මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලන්නේ රැකියාවක් හෝ වෙනත් දෙයක් නොව ඉන්ධන, ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේවල් බව වාර්තා වනවා.

ජනතාව ඇතුළු විවිධ පාර්ශවවලින් ඉන්ධන, ගෑස් ඉල්ලා දුරකතන ඇමතුම් සිය ගණනක් දෛනිකව ලැබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර බොහෝ මන්ත්‍රීවරුන් මහජන හමුවලට සහභාගීවීමද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් සිය නිවෙස්වලට පවා පැමිණ ඉන්ධන ඉල්ලා කලබල කරන බවත් තවත් සමහරුන් ඉන්ධන පිරවුම්හල්වලට කතාකර ඉන්ධන ඉන්ධන ලබා ගැනීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින බවත් මැති ඇමැතිවරුන් පෙන්වා දෙනවාත

ඇමැතිවරුන්ගෙන් මීට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත් දැන් ඉල්ලා සිටින්නේ තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මෙය විශාල කරදරකාරී තත්වයක්වී ඇතැයිද ඔහු සඳහන් කළා.

මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මේ දිනවල දුම්රිය හා පොදු මගී බස් රථ යොදා ගන්නා බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: