hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 30, පෙ.ව. 11:58



ජාතිවාදීන් පක්ෂයට එක්වීම නිසා තමන් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් සහ එහි සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බව හිටපු අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

තම දේශපාලන දිවිය පුරාවට අන්තවාදීන් හෝ ජාතිවාදීන් සමඟ ගමන් නොකළ බවද ඔහු කියා සිටී.

අමුණුගම හිටපු සභාපතිවරයා පැවසුවේ අවස්ථාවාදය සහ මහජනයා ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් මව්බිම ජනතා පක්ෂය තුළින් තමා අපේක්ෂා කළේ තාරුණ්‍ය ආකර්ෂණය කර ගනිමින් ජනතාවාදී දේශපාලන ගමනක් බවයි.

දේශපාලනය සහ අන්තවාදය එකිනෙකට වෙනස් බව පෙන්වා දුන් ඔහු අදත් හෙටත් අන්තවාදය සහ ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.

විමල් වීරවංශ සහ ගම්මන්පිල සමඟ පක්ෂය සන්ධාන ගතවීම තමන් අනුමත නොකළ නිසා තමන් පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවත් එවැනි පිරිස් සමඟ ගිය අයට අත්වූ ඉරණම පිළිබඳ උදාහරණ ඕනෑතරම් පවතිනා බවත් ඔහු පැවසුවා.

එවැනි සන්ධානයක් ගැන දෙවරක් නොව බොහෝ වාරයක් සිතිය යුතුව තිබුණි යැයිද ඔහු සඳහන් කළා.