hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 11:58



අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ව නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබෙනවා. 

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන්.

මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබෙනව බවයි වාර්තා වන්නේ.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ජාතික මහජන සභාව, කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුව ඊයේ (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

රට ගොඩ නගනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව විසින් මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එවැනි දේ අවශ්‍ය නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: