hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:49



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවක් අනුව ස්ථාපනය කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානාවරයා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ, කතානායකවරයා සභාපති වූ ද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභා නායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූ පරිදි මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 9 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ‘ජාතික සභාව’ සමන්විත විය යුතු බවයි.

පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත් වන මන්ත්‍රීවරුන් මෙසේයි,

ඒ අනුව ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්රුන්ගේ නම් දැනට ඉදිරිපත් වී තිබෙනවා.