hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 1:00



අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇතැයි වාර්තා වනවා.

පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වැනිදා රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 17 වැනිදායි. එය නව වසරේ පළමු රැස්වීම වනවා. 

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම (තෙවැනි වර කියවීමේ ඡන්දය) හෙට (08) පස්වරු 5.00ට  පැවැත්වීමට නියමිතයි.

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අනිද්දා (09) පැවැත්වීමට නියමිතයි.

ඊට පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව ලබන 13  වැනිදා දවස පුරා රැස්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.