hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 22, පෙ.ව. 6:40



කොළඹ නගරයේ බලය අල්ලා ගෙන එමඟින් ආදර්ශමත් පාලනයක් හරහා ආණ්ඩුවක් ගෙනයන්නේ කෙසේද යන්න පෙන්වාදෙන බව කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවා.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රහුමාන් මහතා ඒ බව සඳහන් කළේ.

සමඟි ජන බලවේගයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත්කර තිබෙන අතර විශාල ජයග්‍රහණයක් ලබාගත හැකි බවට විශ්වාස කරන බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් ආණ්ඩුව මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහය දෙනු ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී ඔහු සඳහන් කළේ.