hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 27, ප.ව. 6:36



2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සැකසූ ප්‍රතිපත්ති ප්‍රකාශය දැඩිව විවේචනය කළ පුද්ගලයාට ජනපති වූ පසු ඉහළම තනතුර ලබා දුන් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා.

මේ වන විට කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙන නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

එහිදී සඳහන් කළේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු කිසිවක් කළ නොහැකි බවට දැඩිව විවේචනය කළ පී.බී.ජයසුන්දර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළ පසු ජනාධිපති ලේකම් තනතුරට පත් කළ බවයි.

ඒ අනුව පී.බී.ජයසුන්දර මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරේ පවා වැඩකටයුතු ඔහුගේ අනුදැනුමින් සිදු කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.