hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 12, පෙ.ව. 10:33



ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වෙන විශේෂ රැස්වීමට මන්ත්‍රිවරු ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්  ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ දැනුවත් කරන ලෙස මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමැතුමකින් දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම සමඟ රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව මීට මන්ත්‍රිවරුන් ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ ජේ‍යෂ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට දුරකථනයෙන් කතා කර ඇතැයි වාර්තා වෙනවා.

එවිට මන්ත්‍රි  නාමල් රාජපක්ෂ මහතා කැබිනට් හා රාජ්‍ය මන්ත්‍රිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත් පොහොට්ටු මන්ත්‍රිවරුන් ජේ‍යෂ්ඨයන් හා දිස්ත්‍රික් නායකයන් ගෙන්වනවා නම් පක්ෂයෙන් අවසර ගෙන පක්ෂය හරහා පොහොට්ටු මන්ත්‍රිවරුන්ට දන්වන ලෙස පවසා ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත් දේශපාලන කාරණා පිළිබඳව කතා කරන්නේ නම් පක්ෂ නායකයන් මුලින් දැනුවත්  කළ යුතු බවද මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය දුරකථන ඇමැතුම මඟින් දන්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ අදාළ ජේ‍යෂ්ඨයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට දුරකථන ඇමැතුමක් ලබාදෙමින් අද (12)  රැස්වීම පිළිබඳව දැනුම්දී ඇති බවද පැවැසෙනවා.