hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 17, පෙ.ව. 6:32



පක්ෂයක් ලෙස වැරදි සිදු කර තිබිය හැකි බවත් ඒවා නිවැරැදි කරගත යුතුව ඇති බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

අධිකරණය හමුවේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

එනිසා පක්ෂක් ලෙස ප්‍රතිසංවිධානය විය යුතු බවත් මේ අවස්ථාවේ දේශපාලන ස්ථාවරත්වයට ප්‍රමුඛතාවය දිය යුතු බවත් හෙතෙම කියා සිටියා.

මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි ගමන පිළිබඳව දීර්ඝ කතිකාවතක් ඒ හරහා ගොඩනගාගත යුතු බවද හෙතෙම තවදුරටත් සඳහන් කළා.