hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 20, ප.ව. 1:23



තාමත් දෙපැත්තට බෝලේ පාස් කරගෙන වෛරය වපුරවන්නේ නැතිව කාටත් සාධාරණයක් වන ලෙස විසදුමක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

දෙපැත්තෙන් දෙපැත්තට අත්අඩංගුවට ගෙන හිරේ දාන්න ගියොත් කෙළවරක් නැති වන බවද කාටත් සාධාරණයක් ඉෂ්ට වන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූවේ තමා ඊට කිසිසේත් එකඟ නොවන බවයි.

තමාගේ නිවසට පිරිස් එද්දී අවි ආයුධ රැගෙන ආ බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

කණාගාටුවට කරුණ නම් එම සිද්ධි සිදු වූයේ පොලීසිය හමුදාව බලා සිටියදී බවයි ඔහු පෙන්වා දුන්නේ.

මොන පැත්තේ වුවත් මොකා වුවත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ සිද්ධියේදී මෙය මෙහෙයවූ දේශපාලන හෝ වෙනත් අරමුණක් ඇති ව සිටි කණ්ඩායමක් සිටි බවත් එ අයට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ පිළිබඳ නොදැන ඒ පිටුපස හඔා ගිය පිරිසකුත් සිටින බවත් එම පිරිස පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතු බවත් රාජපක්ෂ මහතා කියා සිටියා.

ඊට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමා නීතිය නොකරන ලෙස ඉල්ලා නොසිටි බවයි.

ඒ කාරණය සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එක්ක සිටින බවත් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

අලාභ හානි වූ මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පිළිබඳවද තමා විරුද්ධ නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.