hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 10, ප.ව. 4:48



හිටපු අමාත්‍යවරයෙකු වූ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ඉදිරියට ගෙන යෑමේ වගකීම භාරගැනීමට නියමිත බව වාර්තා වනවා.

එහි පළමු පියවර ලෙස නාමල් රාජපක්ෂ මහතාව පොදුජන පෙරමුණේ කැදවුම්කරු ලෙස පත් කිරීමට නියමිතයි.

ප්‍රවර්ධන කටයුතු

ඉන් පසු පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් කරගෙන ආ පක්ෂයේ ප්‍රවර්ධන වැඩ කටයුතු නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට නියමිතයි.

ඉකුත් වර්ෂයේදී ජනපතිවරයා විසින් “වියත් මග” සංවිධානයේ වැඩ කටයුතු සඳහාද නාමල් රාජපක්ෂ මහතාව ක්‍රියාකාරීව යොදනු ලැබුවා.

පක්ෂයේ බිඳ වැටීම

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පොදුජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරිත්වය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ මහතාට පොදු ඡන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ මූලික වගකීම පැවරීම පිළිබඳව වාර්තා කර තිබුණේ දිනපතා ජාතික ඉංග්‍රීසි පුවත්පතක්.