hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 12, ප.ව. 2:32



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුමේ හා ට්විටර් ගිණුමේ ශෝකය පලකිරීමේ සටහන් තබා තිබෙනවා.

පසුගිය දිනවල රට තුළ ඇති වූ කලබලකාරී සිදුවීම් වලදී තුවල ලැබූ හා මිය ගිය පුද්ගලයින් ගැන ඔහු මෙමගින් සිය කනගාටුව පල කර තිබෙනවා.

ඒ මහතා තැබූ සටහන පහතින්,

”මෙම අවාසනාවන්ත සිදුවීම්වලින් මියගිය අයගේ පවුල්වලට හා ආදරණීයයන්ට මාගේ බලවත් සංවේගය පළ කරනවා. විශේෂයෙන්ම මියගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමන්ගේ පවුලේ අයට හා ආදරණීයන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. සිදුවීම්වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා යි ද ප්‍රාර්ථනා කරන අතර මේ දක්වා සිදුවු ප්‍රචණඩකාරි සිදුවීම් ගැන කණගාටුවට පත් වනවා. ප්‍රචණ්ඩත්වය නතර කර රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සැවොම ක්‍රියාකරමු”

”My deepest sympathies to the families & loved ones of all those who died during this terrible time under terrible circumstances. Especially, Hon. Amarakeerthi Athukorala. He was on all accounts a good man. It’s sad that things had to escalate to this! Let’s stop the violence!”