hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 8:31



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

මන්ත්‍රීවරයාගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කලේ ඔහු දීර්ඝ කාලයක් වකුගඩු රෝගයෙන් පෙලුණු බවයි.

එම රෝගයට ප්‍රතිකාර ගණිමින් සිටින අවස්ථාවේ මන්ත්‍රිවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේ අතර නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා මනාප ලැයිස්තුවේ ඊලගට සිටින වීරසේන ගමගේ මහතා දිවුරුම් දීමට නියමිතයි.

මනාප 45000 කට අධික ප්‍රමණයක් ඔහු ලබාගත් බව ගමගේ මහතා ඒශියන් මිරර් වෙත කියා සිටියා.

ඊට අමතරව දීර්ඝ කාලයක් උතුරු මැද පලාත් සභාව නියෝජනය කල වීරසේන ගමගේ මහතා එහි කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙසත් 7 වතාවක් වැඩබලන මහ ඇමතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.