hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 17, ප.ව. 2:26



නව සන්ධානයේ කොළඹ මහජන රැළියේ සංවිධාන කටයුතු පිලිබඳ සාකච්චා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩල කමිටුව පසුගියදා රැස් වුණා.

සුසිල් ප්‍රේමජයන්ත්,අනුර ප්‍රියදර්ශන යාපා,නලින් ප්‍රනාන්දු,නිමල් ලාන්සා,සිරිපාල අමරසිංහ,සුගීශ්වර බණ්ඩාර ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නව සන්ධානයේ සංවිධායකයින් පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.

“කොහොමද දැන් රැස්වීමට එන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික,අපේ වැඩේ ගැන කතාකලාම මොකද කියන්නේ”නිමල් ලන්සා මන්ත්‍රීවරයා ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන නව සන්ධානයේ දෙවන මහජන රැලිය පිළිබඳව තොරතුරු විමසා තිබෙනවා.

“මේ ටිකේම අපි ආසනවල දුවනවා ඇමතිතුමා,ජා ඇළ අපේ පලවෙනි වැඩේ හොඳටම තිබ්බ නිසා කොළඹ ජනතාවගේ ලොකු උනන්දුවක් තියනවා.පළාත් පාලන මන්ත්‍රීවරු බර ගානක් කතාකරනවා දැනටමත් “සුගීශ්වර විස්තරයක් කළා.

“ජා ඇළ වැඩේට මලිමාවත් හොඳටම බයඋනා මොකද අපි සෙනග ගෙනල්ල පෙන්නුවේ ඒ අය රැස්වීම තිබ්බ තැනමනේ,වෙන කිසි පක්ෂෙකට බැරි උනා එතන රැස්වීමක් තියාගන්න”නලින් ප්‍රනාන්දු එහෙම කියල තියෙනවා.

“කොළඹත් අපි රැස්වීම තියන තැන කට්ටිය රැස්වීම් තියන්න ටිකක් බයයි,සෙනග එන්නේ නැති වෙයි කියල,අපි ඒ අභියෝගයක් භාරගත්ත”ලන්සා සිනාසෙමින් කිව්වා.

“ඒ ගැන සැකයක් තියාගන්න එපා ඇමතිතුමා,නව සන්ධානයේ වැඩපිළිවෙල ගැන ජනතාවට ලොකු උනන්දුවක් තියනවා”අමරසිංහ කිවේ පිරිස දෙස බලමින්.

මේ අතර කොළඹ ජන රැලියේදී තවත් විශේෂ පුද්ගලයන් කිහිප දනෙකු මෙන්ම දේශපාලන නායකයින් කිහිප දනෙකු නව සන්ධානය සමග එකතු වීමට නියමිතව තිබෙනවා.

ඒ අතරට හිටපු මහ ඇමතිවරයෙක්,කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 100 කට ආසන්න පිරිසක් ඇතුලත් බව රාජගිරිය පක්ෂ මුලස්ථානය කියා සිටියා.ඊට අමතරව රටේ ප්‍රධාන වෘත්තීය සමිති 10 ක් එම වේදිකාවේදී නව සන්ධානයට එකතු වීමට නියමිතව තිබෙනවා.