hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 මාර්තු 02, පෙ.ව. 10:28



නව සන්ධානයේ කොළඹ රැලිය පටන් ගැනීමට මත්තෙන් අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, නලින් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය යන මැති ඇමතිවරුන් ඒ ආසන්නයේ හෝටලයක කෝපි කෝප්පයක රස බලමින් ආගිය තොරතුරු සහ වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කරමින් සිටියා.

“ඇමතිතුමා ඉරිදා ගම්පහ රැස්වීමක් තියනවා නේද මාලිමාවේ,මට මේ දැන් කෝල් එකක් ආවා අපේ නැන්දා කෙනෙක්ගෙන් කෑගල්ලෙනුත් කට්ටිය එනව කියල”සුදත් මංජුල ලන්සා දෙස බලමින් එහෙම කියල.

“මටත් කීප දෙනෙක් කතාකලා ගමේ කාන්තා සමිතියට බස් එකක් දෙනවලු කැලණියෙ වදින්න කියලා’ඒ යන ගමන් ගම්පහින් බස්සනවලු”මන්ත්‍රිවරයෙක් සිනා සෙමින් කිව්වා.

“ඔව් ඔව් කෑගල්ලෙන් විතරක් නෙමෙයි ලංකාව වටෙන්ම ගෙන්නනවා” ලන්සා සිනාසෙමින් කියලා.

“ඒකනේ ගැහැනු අපි එක මිටට කියන්නෙ වටෙන්ම එකතු කරන හින්ද තමයි”නලින් ප්‍රනාන්දු සිනාසෙමින් කියල තියෙන්නෙ එහෙම කතාවක්.

“මිනිස්සු ගෙනල්ල පුරවගන්න බැරි නිසා ගෙදර ඉන්න අහිංසක කාන්තාවෝ ටික මේ අය අල්ලගත්තා”සුසිල් එහෙම කිවේ අනුර යාපා දෙස බලමින්.

“ඔව් කුස්සියේ ප්‍රශ්න ඉතා සංවේදී මාතෘකා කාන්තාවෝ ගෙනල්ල එතන්ට කතකරල ඒ අයගේ මොලේ කනවා” අනුර යාපා පිරිස දෙස බලමින් කියල.

“කාන්තාවෝ ගෙනල්ල පට්ට අවුවේ තියාගෙන ඒ අයගේ පියයුරු ගැනයි ගණිකාවෝ ගැනයි කතාකරනව හැබැයි කිසි වැඩ පිලිවෙලක් නෑ” ලන්සා දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා.

මේ කතාබහ අතරවාරයේ විශාල ජනකායකගෙන් හයිඩ් පිටිය අතුරු සිදුරු නැතිව පිරෙන්නට වූණාලු.

තත්වය එසේ තිබියදී ලන්සා දුරකතනයෙන් කතාකර සුගීශ්වරට උපදෙස් දුන්නේ රැලිය ආරම්භ කරන ලෙසයි.

ඒ අතරතුර මැති ඇමතිවරුන්ද වරින් වර ඇවිල්ලා.

රැලිය අවසානයේ එහි පැමිණි අර්ජුන් කමලනාත් ඇතුලු කලාකරුවන් පිරිසක් ලන්සා අසලට ලන්වූයේ සුගීශ්වර එක්ක
“ඇමතිතුමා අපි ඔබතුමාලගේ කණ්ඩායම එක්ක වැඩ කරන්න කැමතියි.ලගදිම කණ්ඩායමක් ලෙස එකතුවෙලා අපි ඒ පණිවිඩය ජනතාවට දෙන්නම්”කමලනාත් එහෙම කියලා.

“ඉතා හොදයි ඒ වැඩේ ඕනම ගැටලුවක් තිබ්බොත් කියන්න” ලන්සා එසේ කියමින් එම සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලෙස සුගීශ්වරට උපදෙස් දීමද විශේශත්වයක්.