hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 8:55



කොළඹ පිහිටි හෝටලයකදී දේශපාලනයට සම්බන්ධ ජනප්‍රිය ක්‍රිකට් තරු කිහිපදෙනෙකු සහ නව සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

මේ අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාප,නිමල් ලන්සා සහ සුගීශ්වර බණ්ඩාර එක්ව සිටියා.

ක්‍රීඩාව සහ නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා කර තිබෙනවා.

ඊට අමතරව දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැනද සාකච්චා කර ඇත.

ඇමතිතුමා..හුඟාක් අය සන්ධාන හැදුවා,ඉස්සරහටත් හදයි,ඔබතුමාලගේ සන්ධානේ ගැන නිතරම කතාවෙනව කියල අපිට පේනවා,නිකම්ම නිකන් සන්ධානයක් වගේ හදන්න නම් එපා.එහෙම උනොත් ආවට වඩා වැඩි වේගයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරයි “හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලන්සා සහ අනුර දෙස බලමින් කියලා.

නෑ නෑ අපි මෙච්චර කල් පිම්බුවේ චරිත ඒක ජනතාව ප්‍රතික්ෂේප කළානේ “අනුර යාපා එසේ කියද්දී ලන්සා කිවේ “මෙදා සැරේ අපි දිනවන්නේ වැඩපිළිවෙලක්,අපි කණ්ඩායමක් විදිහට ඒකට වැඩ කරනවා”කියලයි.

අපේ කට්ටියගේ සහයෝගය දෙන්නම් ඔබතුමාලගේ වැඩ පිළිවෙල ගැන අපෙත් පැහැදීමක් තියනවා”දකුණු පළාත නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කියල තියනවා.

ඒක අපේ වැඩපිළිවලට වටිනවා“සුගීශ්වර බණ්ඩාර කියලා.

දැන් මොකද මේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ“ලන්සා සිනාසෙමින් විමසල තියනවා.

ඒ ගැන කතාකරන්න එපා ඇමතිතුමා,අපිත් ක්‍රිකට් ගහපු අය එත් අද ක්‍රිකට් ගැන ඇහුවම අපිටත් කල කිරෙනවා“හිටපු ක්‍රීඩකයෙකු කිවේ මුහුණ ඇඹුල් කර ගෙන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: