2022 ජූනි 11, ප.ව. 1:35
නව පක්ෂයක් නිර්මාණය කිරීමේ ඉඟියක් පිළිබඳ ඊයේ (10) වාර්තා වුණා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණීමත් සමඟයි.
එහිදී මන්ත්‍රීවරුන් ඉගි කර සිටියේ ඉදිරියේදී මෙරට තුළ නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවනු ඇති බවටයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් දේශපාලන නොනගත කාල සීමාව තුළදී අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ සිදු කිරීම පිළිබඳ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවැති බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පැවසුවා.
ඒ අනුව ප්රජාතන්ත්රවාදය තහවුරු වන, තරුණ සහ කාන්තා නියෝජනය තහවුරු වන මැතිවරණ වෙනුවෙන් සිදුකරන අසීමිත වියදම් පාලනය කරන ආබාධිත ජනතාවට තිබෙන පීඩාවන් නැති කරන ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කළ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
එම සාකච්ඡාව ඉතා සාර්ථක බවයි ඔහු කියා සිටියේ.
ඊලඟට එන සෑම නිර්පාක්ෂකයෙකුගේම පාට වන්නේ කහ පාට බවත් අලුත් පක්ෂයක පාට කහ පාට බවට සිතා ගන්නා ලෙසත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළා.
හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, චන්න ජයසුමන, නාලක ගොඩහේවා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී තිබුණා.
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:56
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:17
2024 ඔක්තෝබර් 11, ප.ව. 10:26
2024 ඔක්තෝබර් 11, ප.ව. 6:29
2024 ඔක්තෝබර් 11, ප.ව. 6:25