hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 ජූනි 26, පෙ.ව. 7:03



නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළිදැක්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව මෙම සන්ධානය පිහිටුවනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, වාමාංශික පෙරමුණ ඇතුළු හවුල් පක්ෂ නවයේ මූලිකත්වයෙන් මෙම සන්ධානය පිහිටුවීමට නියමිතයි.

නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විට සකස් කර අවසන් බවයි වාර්තා වන්නේ.

එම නව සන්ධානය සඳහා නම් කීපයක්ම යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති නමුත් නිලධාරි මණ්ඩලය පත් කිරීම සදහා සඳහා අවශ්‍ය කටයුතු සූදානම් සුදානම් කර තිබෙන බවද වාර්තා වෙනවා.