hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:57



ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක්ව නව පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක ඊට සම්බන්ධ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ඩිලාන් සේනානායක පෙරේදා රාත්‍රියේ පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

පිහි පහර ඔහුගේ අතකට වැදී ඇති අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියා සිටියා.

පීහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණ අනාවරණය වී නැති අතර සැකකරුවන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැහැ.