hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 04, ප.ව. 3:37



විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේවන විට රහස් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සිවිල් සංවිධාන කිහිපයක් එකතුවෙන් මේ දිනවල රහස් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නව දේශපාලන පක්ෂය සඳහා දූෂණ චෝදනා නැති, තරුණ පිරිස සඳහා ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම නව පක්ෂය වෙනුවෙන් දැනටමත් මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සඳහා සිවිල් සංවිධාන කිහිපයක්ද එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් රහස් සාකච්ඡා රැසක් පවත්වමින් යන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.