hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 පෙබරවාරි 02, ප.ව. 12:56



ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව මේ වන විට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා පොදුජන පෙරමුණ එවූ ලිපියට කරුණු දක්වා ලිපියක් යොමුකිරීමට එම මන්ත්‍රි කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

එම ලිපිය ඊයේ (01) ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාට යොමු කිරීමට කටයුතු කළ බව නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රිවරු සියලුදෙනා මෙම ලිපියට අස්සන් කළ බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා සඳහන් කර සුටියා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඊට ප්‍රථම නිදහසට කරුණු විමසා ලිපියක් යොමුකළ බවත් පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පසුගියදා පැවැසුවා.