hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 පෙබරවාරි 23, ප.ව. 1:22



දියව් දියව් දියව් කියූ පමණින් දීමට දෙයක් නොමැති බවත් දෙන්න තිබේ නම් දෙන බවත් පාර්ලමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පැවැසුවා.

ඒ මහතා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අද රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. රටේ ආදායම මදි වියදම ගෙවන්න. රජයේ වැටුප් ගෙවන්න ඕන, පොහොර සහනාධාරය දෙන්න ඕන. හැබැයි රුපියල් 1000ක් හම්බෙද්දී වියදම 3500ක් තියෙනවා. මෙකක්ද මේ පක්ෂ කියන්නේ. විපක්ෂය මොකක්ද කියන්නේ. වියදම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. ආදායම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. දියව්, දියව්, දියව්. කොහොමද යකෝ දෙන්නේ. දෙන්න තියෙනවනම් දෙනවා. දෙන්න පුළුවන් නම් ක්‍ර මේ කියන්න. විකල්පය කියන්න.”