hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 02, ප.ව. 5:47



ඊයේ (01) ජාතික ජන බලවේගය විසින් කොළඹදී පැවැත්වූ මැයි රැළිය අමතමින් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විටත් අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බවයි.

ජන බලවේගය රජයක් යටතේ පත්වන්නේ ඇමතිවරුන් 25 දෙනෙකු පමණක් බවත් එම අමාත්‍යංශ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ද විසි පස්දෙනෙකු පත් කරන බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසු එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තම පළමු කර්තව්‍යය බවයි.