hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 ජනවාරි 16, ප.ව. 1:06



මේ රටේ හෙදියෝ ලිංගික ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කිරීම ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රශ්න කරනවා.

අපේ හෙදියෝ පිරිමින්ගේ මනදොල සපුරන ආකාරයට සිය සිරුරු සකස් කරගත යුතු යැයි කේ.ඩී ලාල්කාන්ත මහතා හෙද සමුළුවක දී ප්‍රකාශ කර ඇති බව ඇයි කියා සිටියේ දිගන පැවති සමගි ජන බලවේගයේ කුණ්ඩසාල ආසනයේ කාන්තා සමුළුවේදීයි.

එහිදී මන්ත්‍රීවරිය මෙසේද අදහස් දක්වා සිටියා,

“ඔහුගේ වචන වලින්ම කියනවා නම්, හෙදියෝ ඉඟ, සුඟ, පුළුලුකුල පිරුණු ළැම සහිතව ඉන්න ඕනිලු. එයාලගේ තියෙන පහත් ආශාවන් මේ කාන්තාවෝ දිහා බලලා සපුරා ගන්න පුළුවන් විදිහට මේ රටේ හෙදියෝ ඉන්න ඕනිද කියලා මම අහනවා. හෙදියන්ට බල කරන්න එහෙම අයිතියක් ලාල්කාන්තලට නැහැ. මේ රටේ පසුගිය කාලය තුළ වැඩිම පීඩනයට පත් වුණේ මේ රටේ කාන්තාවෝ. අරගලය කවුරු කලත් අරගලයේ වැඩි අයිතිය තියෙන්නේ කාන්තාවට. කාන්තාවෝ තමන්ගේ දරුවන්ට, මහත්වරුන්ට යන්න කිව්වා අරගලයට.”