hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 13, ප.ව. 1:58



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට කිසිදු යෝග්‍යතාවක් නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කරනු ලබන්නේ ජනතාවගේ ඉල්ලීමක් නිසා නොව වෙනත් පෞද්ගලික අරමුණක් මත බවට පෙනී යන අතර රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්තනෝමතිකව ගනු ලබන තීරණයක් බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙසට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධී කටයුත්තක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළා.

මේ සිදුකරනු ලබන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීමක් නොවන බවයි උන්වහන්සේ කියාසිටියේ.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගය මහනාහිමියන්ගේ නියමයන් කඩ කිරීමක් මෙන්ම නොසලකා කටයුතු කිරීමක් ද බව ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

මහජන මතයට ඉඩ දෙමින් ඉදිරි කාලය තුල මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය සැකසෙන තෙක් සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් සඳහා කටයුතු කළ යුතු අතර ඒ වෙනුවෙන් මෙම පත් කිරීම බාධාවක් බව ද උන්වහන්සේ කියාසිටියා.